සුදුසු පර්යේෂණයක් තෝරාගත හැකි ක්‍රම

වසර අවසාන අධ්‍යයන කටයුතු වලදි සම්පුර්ණ කිරිමට නියමිත පර්යේෂණ කටයුතු වලට අදාලව සුදුසු මාතෘකාවක් තේරීමේදි බොහෝ සිසුන් නොමඟ යයි. අදාල පාඨමාලාව සම්පුර්ණ කිරිමම පමණක් අවධානය යොමු කිරිම නිසා තත්වයෙන් බාල හා ඉතා සරල පර්යේෂණ සඳහා ඔවුන් නිතැතින්ම යොමු වේ. තම ජිවිතයේ ඉතා වටිනා කාල පරිච්ඡේදයක් තුල උගත් දෑ එලෙස අපතේ නොයවා රටට වැඩදායි පර්යේෂණයක් කිරිම පිලිබඳ දැනුවත් කිරිමක් අදාල ආයතන වලින් කලත් සුදුසු පර්යේෂණ මාතෘකා තෝරා ගැනීමට අපොහොසත් විම නිසාවෙන්ම ඔවුන් සරල මාතෘකා ඔස්සේ තම කාලය ශ්‍රමය, ධනය වැය කරයි.

එමනිසා, සුදුසු මාතෘකාවක් තේරීමට ආදාල වන වැදගත් වන කරුණු කීපයක් මේ ලිපිය තුලින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වේ.

පර්යේෂණයක් කිරිමට ප්‍රථමයෙන් සුදුසු විෂයක් ඔස්සේ අදාල විෂය හා සම්බන්ධ කථිකාචාර්යවරයකු සමඟ ක්ෂෙත්‍රයේ පවතින ගැටලු පිලිබද සාකච්ඡා කල හැක. එවන් සාකච්ඡාවකින් හඳුනාගත් ගැටලුවක් පිලිබද ක්ෂෙත්‍රයේ වෙනත් පර්යේෂකයන් විසින් කරන ලද පර්යේෂණ පත්‍රිකා කියවා ඒ පිලිබඳ දල අදහසක් ලබාගත හැක.

මීට අමතරව ඔබ දැනටමත් සේවා කරන සේවා ස්ථානයෙන් වුවද පවතින ගැටලුවකට විසදුමක් ලෙස පර්යේෂණයක් සැලසුම් කල හැකිය. ඒ පිලිබද සුදුසු කථිකාචාර්යවරයකු හා සාකච්ඡා කිරිමෙන් සැලසුමක් ගොඩනගා ගත හැකිය.

ඒසේත් නොමැති නම් පර්යේෂණ කණ්ඩායමක් හා එකාබද්ධව දැනට සිදුකරමින් යන පර්යේෂණයකට තම දායකත්වය ලබා දෙන අතරම තම අධ්‍යයන කටයුතු වලට සුදුසු ලෙස අවසන් වසර පර්යේෂණ සම්පුර්ණ කල හැකිය.

ජාතික හා අන්තර්ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණ හා සාකච්ඡා සඳහා සහභාගී වීමෙන් ක්ෂෙත්‍රයේ පරිණත දැනුමැති පුද්ගලයන් හමුවීම තුලින් ගොඩනගා ගන්නා දැනහැදුනුම්කම් තුලින් සහ එවන් සම්මන්ත්‍රණ වලට සහභාගි විමෙන් ලබා ගන්නා දැනුමෙන් පවා පර්යේෂණ මාතෘකාවක් තෝරා ගැනීමට පිටිවහලක් වේ.

රටතුළ පවතින තත්වය හමුවේ පර්යේෂණ සම්මන්ත්‍රණ වලට භෞතිකව සහභාගි විම සීමාසහිත වුවත් මාර්ගගත ක්‍රම ඔස්සේ ඔබට ඒවාට සහභාගිවිය හැක.

සැකසූම – රුක්ෂීලා බංගමුවගේ

TIIKM Publishing

The International Institute of Knowledge Management