Why Research Papers Get Rejected from Journals

Advantages of Publishing a Research Paper

 

පර්යේශනයක් ප්‍රකාශයට පත්කිරීමේ වැදගත්කම හා ප්‍රතිලාභ

 

1. ඔබ විශ්ව විද්‍යාලය අවසන් වසරේදී සිදුකරනු ලැබූ පර්යේශනය ප්‍රකාශයට පත්කරාද?

2. ඔබගේ පර්යේශනය ප්‍රකාශයට පත්කරන්නේ ඇයි?

3. ඔබගේ පර්යේශනය පත්‍රිකාවක් ලෙස සකස් කොට එය ප්‍රකාශයට පත් කිරීමෙන් අත්වන වාසි මොනවාද?

ඇත්ත වශයෙන්ම මෙවැනි ප්‍රශ්න ඔබගේ සිතෙහිත් පැනනැගෙනවා විය හැකිය එසේනම් මෙම බ්ලොග් සටහන ඔබ සඳහාමය. මුලින්ම අපි බලමු පර්යේශන පත්‍රිකාවක් යනු කුමක්ද කියා. පර්යේශන පත්‍රිකාවක් යනු ඔබෙම අර්ථ නිරූපනය, ඇගයීම නැතහොත් තර්කය ඉදිරිපත් කරන පුලුල් රචනාවකි.

පර්යේශන පත්‍රිකාව මූලික වශයෙන්ම ඔබේ පර්යේශනයේ අවසාන ප්‍රතිපලය වේ. ඔබ විසින් ඔබගේ පර්යේශන ප්‍රතිපල පල නොකිරීම යනු එමගින් ඔබ සොයගත් දෑ අපතේ යාමකි. එනම් ඔබගේ වටිනා පර්යේශනයට ප්‍රසිද්ධ නොකිරීමක් වැනිය. පර්යේශනයක් ප්‍රකාශයට පත්කිරීමෙන් අත්වන වාසි කොටස් තුනකට බෙදා විග්‍රහ කල හැක.

 
උපාධි අපේක්ශකයෙකු ලෙස පර්යේශන පත්‍රිකාවක් ප්‍රකාශය කිරිමේ ප්‍රතිලාභ
පර්යේශනයක් සිදු කිරිම,ඒ සදහා පර්යේශන පත්‍රිකාවක් ලිවිම( Research Paper), එය සමයුරු සමලෝචනයෙන් (Peer-review) පසු සoස්කරනය කිරිම( Editing ) යම් දුශ්කර හා කාලය වැය කරන බවක් පෙන්නුවද  එයින් ලබෙන අවසන් ප්‍රතිඵලය ශිෂ්‍යයින්ගේ අධ්‍යාපන සුදුසුකම් සපුරාලීමට මෙන්ම ඔවුන්ගේ ජීවන රටාව යම් තත්වයකට දියුනු වීමට වැදගත් වේ.මෙවැනි පර්යේශන පත්‍රිකාවක් ලිවිමෙන් ඔවුන් තුල ඇති ලිවීමේ හා පර්යේශන කුසලතා තවදුරටත් වැඩි දියුනු වේ.එපමනක් නොව ඔවුන් හට විද්වත් ප්‍රකාශන ක්‍රියාවලිය (Scholarly Publication Process) අත්විදිමටද හැකිවනු ඇත. ඒ අතරම ඇතැම් උපාධි සම්පුර්ණ කිරීම සදහා පර්යේශන පත්‍රිකාවක් පල කිරිම අනිවාර්ය වේ.උපාධි අපෙක්ශකයෙකු ලෙස මෙම පර්යේශන ප්‍රකාශයට පත් කිරිමෙන්  සිසුන්ට ක්ෂේත්‍රයේ සෙසු වෘත්තිකයින් හා පර්යේශකයන් සමඟ සම්බන්ද වීමටත් අනාගත අධ්‍යනය සදහා නව අවස්ථා ලබා ගැනීමටත් හැකිවේ. එපමනක් නොව අනාගත රැකියා අවස්ථා ලබා ගැනීමටත් ඉවහල් වනු ඇත.ප්‍රථම උපාධිය සම්පුර්ණ කිරීමෙන් පසු ඊලග පියවර ලෙස පශ්චාත් උපාධි පාඨමාලා හැදැරීමට ශිෂ්‍යයින්ගේ උනන්දුව මෙමගින් ඇති කරයි. ශිෂ්‍ය අවධියේදි තම අචාර්යවරුන්ගේ උපදෙස් ලබගැනිම තුලින් සාර්ථකව පර්යේශන පත්‍රිකාවක් පල කරගත හැක.
 
වෘත්තිකයින් සදහා පර්යේශන පත්‍රිකාවක් ප්‍රකාශය කිරිමේ ප්‍රතිලාභ.
 
වෛද්‍ය,ඉන්ජිනේරු,තාක්ෂන හා වෙනත් වෘත්තිකයින්ට තම පවත්නා දැනුම යාවත් කාලීන කර ගැනීම ඉතා වැදගත් වේ. එබැවින් මෙම වෘත්තිකයින් විසින් නව සොයාගැනීම් සදහා නිරතුරුවම සිදු කරන ලබන අධ්‍යයනයන් ප්‍රකාශයට පත්කිරීම තම වෘත්තිය ජීවිතයේ ස්ථාවර භාවය ඇතිකර ගැනිමට මෙන්ම තම වෘත්තිය ක්ෂේත්‍රයේ ඉහල තනතුරු සදහා ඉල්ලුම් කිරීමේදී අමතර සුදුසුකමක් වනු ඇත.එලෙස ඔවුන් රැස් කරගත් නව දැනුම් සම්භාරය සoශිප්ත කොට පර්යේශන පත්‍රිකාවක් ලෙස සකස් කොට ප්‍රකාශයට පත් කිරීමෙන් ඔවුන්ග් වෘත්තිය වෙත වටිනාකමක් එක් කෙරෙන අතරම ජීවන රටාව නගාසිටුවීමට මහත් රුකුලක් වනු ඇත.තවද මෙමගින් විදෙස්, ශිෂ්‍යත්ව,විදෙස් පුහුණු සැසි,විදෙස් සමුළු අදියට සහභාගි විමේ මහගු අවස්ථාවන්ටද හිමිකම් කීමට මග පෑදෙනු ඇත.ඔබ විසින් සිදු කරනු ලබන පර්යේශන ප්‍රකාශයට පත්කොට සමාජ ගත කිරිමෙන් ඔබේ වෘත්තිය ජිවිතයට මෙන්ම සමාජයට ද මහගු මෙහෙවරක් ඉටු  කළ හැකි වේ.
විද්‍යාර්තයින් සදහා පර්යේශන පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කිරිමේ ප්‍රතිලාභ.
 
රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සතු උසස් අධ්‍යාපන ආයතනවල සේවයේ නියුතු අචාර්යවරු හා මහචාර්යවරුන්ට තම වෘත්තිය ජිවිතයේ දියුණුව , වෘත්තිය උසස්වීම් අත් කර ගැනීම සදහා  ප්‍රකාශන සිදු කිරිම ඉතා වැදගත් වේ. තවද විදෙස් විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපන  කටයුතු සදහා ඉල්ලුම් කිරිමෙදීද  මෙලෙස ප්‍රකාශනයන් සිදු  කර තිබිම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
ඔබගේ පර්යේශනය පිලිබදව අන් අයට දැනගනීමට ඉඩ නොහැර පසෙක තබා තිබිම දැන් සිදු නොක ල යුතු අතර ඔබගේ පර්යේශනය ප්‍රකාශයට පත් කොට ඔබගේ ජීවිතයටද මෙම වාසීන් ලගා කරගත හැක.
මෙලෙස පර්යේශන පත්‍රිකාවක් ප්‍රකශය කිරිමේ වැදගත්කම පිලිබනීඳ ව ඉහත සියලු කරුනුවලින් විස්තර වන අතරම, එහි ස්ශිoප්ත අදහස මෙම දල රූප සටහනින් විස්තර වේ.
advantages of publishing papers
සටහන – ජනාදරී ජයරත්න

Comments are closed.